• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

විහාරස්ථානයේ ඉතිහාසය

විහාරස්ථාන ඉතිහාසය

මීට වසර 61 කට පෙර 1950 ජූලි 29 වන දින ආරම්භවූ සිරිධම්මාරාම විහාරස්තානයෙහි ආදී කතෘන් වහන්සේ අභිධම්මාකාචාර්ය බෝවල සිරි පවර නායක ස්වාමියෝ වෙති. මල්වත්තේ ජොහානා පීරිස් සෙනෙවිරත්න මැතිණිය විසින් මෙම වටිනා භූමා කොටස සඟසතු කොට ජූජා කරන ලදී.

ගරු සිරිපවර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාද අනුසාසනා පරිදි ආරම්භ වූ දායක සභාව මගින් විහාරස්ථානයට අවශ්‍ය චෛත්‍ය, බෝධි ප‍්‍රාකාරය, අවසය, විහාර මන්දිරය, ධර්ම ශාලාව ආදී ගොඩනැගිලි කාලීන අවශ්‍යතාවයට අනුව ඉදිකරන ලදී. 1951 ජූලි 19 වැනි දින දහම් පාසපක් ද ආරම්භ කරන ලදී. ධම්මධර විනයධර අප නාහිමියෝ විහාරස්ථානයෙන් ගම රටට විය යුතු සේවය නොපිරිහෙලා ඉටු කරමින් පෝෂණය කළහ.

උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු 1991 විහාරාධිපතිත්වයට පත් ගරු කනන්විල තේජෝසාර නාහිමියෝ වසර 11 ක පමණ කලක් විහාරාධිපතීන් වහන්සේ ලෙස වැඩ සිටි අතර එම කාල වකවානුව තුළ ස්වාමීන් වහසේලාගේ ආවාස පහසුකම් පු`ඵල් කරමින් නව ආවාස ගෘහයක් සැද වූ අතර, නව දෙමහල් ධර්ම ශාලාව ඉදි කිරීමේ කටයුතු ආරම්භ කරන්නට යෙදුනි.

උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු ජූලි 29 වැනි දින විහාරාධිපතීත්වයට පත් ගරු බෝගම්බර රතනජෝති ස්වාමීන් වහන්සේ නව පුනරුදයේ දී පුරෝගාමීන් වහන්සේ වෙති. වැඩ ආරම්භ කර තිබූ ධර්ම ශාලාව ඉහළ මාලයට අලංකාර බිතු සිතුවමින් යුතු විහාර මන්දිරයක් ද සහිතව සැදා නිම කොට 1996 දී විවෘත කරන ලද්දේ උන්වහන්සේගේ උත්සහය නිසාය.

ආවාස ගෘහය තවත් පුඵල් කරමින් පහත මාලය, දාන ශාලාව සහ ඉහළ මාලය සිවාමීන් වහන්සේලාගේ ආවාස පහසුකම් ද සහිතව දෙමහල් ආවාස පහසුකම් ද සහිතව දෙමහල් ආවාස ගෘහයක් බවට පත් කරවූයේ ද අන්වහන්සේ විසිනි.

විහාර මන්දිරය

නුගේගොඩ විසූ එම්.එස්. පෙරේරා දම්පතීන් තම ධන පරිත්‍යාගයෙන් 1959 බුදු මැදුරක් ඉදි කළ අතර, 2010 නුගේගොඩ ගුවන් පාලම ඉදිකිරීමට ද විහාර භූමිය පවරා ගැනීමෙන් එම ගොඩනැගිල්ල ඉවත් කිරීමට සිදු වූ අතර ඒ වෙනුවට එම සමාධි පිළිම වහන්සේගේ ආවරණය වන පරිදි ඉතා අලංකාර සහ කුඩාවට, ස්ථානයට ගැළපෙන අයුරින් පිළිම ගෙයක් සෑදීමට සිදු විය. මේ සඳහා මොහාන් ලාල් ගේ‍්‍රරු මැතිතුමාගේ අනුග‍්‍රය ලැබුණි.

බොධිඝර

බෝධිඝර 1952 බෝධි රෝපණය සිදු වු අතර බෝධීන් වහන්සේ වටා කේ.සී.එස් දයානන්ද මහතා විසින් ප‍්‍රාකාරයක් ඉදිකරන ලදී. ඉන්පසු දායක සභාව මගන් එම ප‍්‍රාකාරය පුඵල් කර නව ප‍්‍රාකාරයක් ඉදි කරන්නට යෙදුනි. 2010 නුගේගොඩ ගුවන්පාලම ඉදි කිරීම සඳහා ඉඩම් පවරා ගැනිම වෙනුවෙන් ලැබුණු වන්දි මුදල් යොදවා මෙම අලංකාර දෙමහල් බොධිඝර ඉදි කර 2010 ඔක්තෝම්බර් 22 දින ශ‍්‍රී ලංකා ජනරජයේ අතිගරු ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් විවෘත කරන්නට යෙදුනි.