• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

බොදු වනිතා සංවිධානය

බොදු වනිතා සංවිධානය

විහාරස්ථානයෙහි සිදු කරනු ලබන ආගමික, ශාසනික හා සාමාජය සේවාවන් සදහා විශාල දායකත්වයක් ලබා දෙන්නේ කාන්තා පක්ෂය යි. එකී සියලු වැඩ සටහන් වඩාත් විධිමත්ව සහ ක‍්‍රමානුකූලව සිදු කර ගැනීමට කාන්තා සංවිධානයක අවශ්‍යතාව අවබෝධ කරගත් අප නායක ස්වාමින් වහන්සේ 2013 වර්ෂයේ දී විහාරස්ථානයට සම්බන්ධ දායිකාවන් සම්බන්ධ කරගෙන බොදුවනිතා සංවිධානය නමින් කාන්තා සංවිධානයක් ආරම්භ කරන ලදි. තේජා විතානගේ මැතිණියගේ සභාපතිත්වයෙන් පවතින මෙම සංවිධානය අප නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම වසර එක හමාරක පමණ කාලය තුළ එම සංවිධානය ද ඉතා ප‍්‍රබල සංවිධානයක මට්ටමට පැමිණ ඇති අතර විශාල ආගමික හා සාමාජික සත්කාර රැුසක් ද සිදු කර ඇත.