• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 2854843
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 2854843

වාර්ෂික පුණ්‍යක්‍රියා

පොසොන් සැඳැහැ ගී සරණිය

මහින්දාගමනයේ අසිරිය සිරිලක නැවත නැවතත් සිහිකැන්දමින් නුගේගොඩ නගරයේ හදවත බඳු සිරිධම්මාරාම විහාරස්ථ ශ්‍රී සුචරිත වර්ධන ඉංග්‍රිසි සහ සිංහල මාධ්‍යය ධර්ම විද්‍යාලයීය සිසු දරු දැරියන්, ඇදුරු මඬුල්ලේ ගුරු මව්පියවරුන් සහ දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් පසුගිය පොසොන් පුර පසළොස්වක පොහොයදින හද බොදුබැතියෙන් පුරවාගෙන තම හඬ වාතලයට මුදාහරිමින් ගීතවත් වන්නාවූ පොසොන් සැන්දෑ ගී සරණිය

වාර්ෂික ගුණ සමරු පිංකම

සිරි ධම්මාරාමය විහාරස්ථානයෙහි වැඩ සිට අපවත් වී වදාළ ආභිධම්මිකාචාර්ය ආදී කතෘ ඇතුලු විහාර ගණයේ අපවත් වී වදාළ ගරු ස්වාමීන් වහන්සේලා හා විහාර භූමිය පූජාකළ මල්වත්තගේ ජොහානා පීරිස් සෙනෙවිරත්න මැතිනිය සියලු දායක දායිකාවන් සිහිපත් කර වාර්ෂික ගුණ සමරු පිංකම පවත්වයි

ශිෂ්‍යත්ව ප්‍රදානය

විවිද ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන දරැවන්ගේ  අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය විහාරස්ථ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන් සිදු කරණු ලබයි.

අභය දානමය පුන්‍යකර්මය

නුගේගොඩ සිරි ධම්මාරාම විහාරස්ථ දායක දායිකාවන්ගේ ධන පරිත්‍යාගයෙන්  මරණයට නියම වු ගවයන්හට ජීවිත දනය ලබාදීමේ මහඟු පිංකම සෑම වසරකම සිදු කරණු ලබයි.

පොසොන් උත්සවය

අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේ ලක්දිවට සම්බුද්ධ සාසනය වැඩම කරවූ පොසොන් පොහොය සැමරුම් පුන්‍යකර්ම මාලාව

වෙසක් උත්සවය

තිලිගුරු බුදු පියාණන්ගේ සම්බුදු තෙමගුල වෙසක් පොහොයා හා එයට සමගාමිව සිදුකරන පුන්‍යකර්ම මාලාව

හිසතෙල් ගෑමේ පුන්යෝත්සවය

සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, ඒ හා බැඳුනු බෞධ්ධාගමික පුණ්‍යකර්මයන් හා හිසතෙල් ගෑමේ පුන්යෝත්සවය

වාර්ෂික වස් පින්කම් මාලාව

වසරක් පාසා සිදු කරන වස් පින්කම් මාලාව හා එයට සමගාමිව පැවැත්වෙන සුමධුර ධර්ම දේශනා මාලාව.