• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

දහම් පාසල - ඉංග්‍රීසි

ශ‍්‍රී සුචරිත වර්ධන දහම් පාසල – ඉංග‍්‍රීසි

ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට දහම් අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් හැදෑරිමට ඇති අපහසුතාවයත් එම දරුවන් දහම පැත්තට යොමු කොට සුමගට ගැනීමටත් අප නායක ස්වාමින් වහන්සේ තුළ තිබුණු බලාපොරොත්තුව පිළිබ`ද ලයිසියම් ආයතනයේ නිර්මාතෘ මොහාන්ලාල් ගේ‍්‍රරු මැතිතුමා සමග සාකච්ඡුා කිරීමෙන් පසු 2005 ජුනි 05 වන දින කුමාරි ගේ‍්‍රරු මැතිනියගේ ප‍්‍රධානත්වයෙන් ඉංග‍්‍රීසි මාධ්‍ය දහම් පාසල ඇති කළ අතර මේ වන විට විශාල සිසු පිරිසක් ඉගෙනුම ලබන ප‍්‍රදේශයේ ජනප‍්‍රිය දහම් පාසලක් බවට පත්ව තිබේ. 2015 වර්ෂය වන විට එම දහම් පාසල සිය 10 වන සංවත්සරය සැමරීමට සූදානමින් සිටියි. පොත පතේ දැනුමට වඩා ගුණ දහමට හා බෞද්ධ වත පිළිවෙතට මුල් තැන දෙන වැඩ සටහන් රාශියකින් යුතුව ගුණවත් දරු කැළක් දැයට දායාද කිරීමේ අරමුණෙන් මෙම දහම් පාසල ක‍්‍රියාත්මක කෙරේ. නිර්මාණශීලී සංවේදී දරු පිරිසක් බිහි කිරීමට කලාවේ උපයෝගිතාව පිළිබ`ද සිතූ අප නායක ස්වාමින් වහන්සේ වාර්ෂිකව කලා උළෙලක් සංවිධානය කළ අතර මේ වන විට සිරිදම් කලා කවය නමින් සංගමයක් ද ආරම්භ කර විධිමත් වැඩ සටහනක් යටතේ දරුවන්ගේ කලා කුසලතාවන් එළි දැක්වීමට කටයුතු කර ඇත. විශාල සිසු පිරිසක් මේ වන විට සිරිදම් කලාකවය හා සම්බන්ධ වී තිබේ.

රූප එකතුව