• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

දහම් පාසල - සිංහල

ශ‍්‍රී සුචරිත වර්ධන දහම් පාසල – සිංහල

1951 වර්ෂයේ විහාරස්ථානයෙහි ආදි කර්තෘ බෝවල සිරිපවර ස්වාමිපාදයන් වහන්සේගේ අනුශාසනා පරිදි ආරම්භ කරන ලද ශ‍්‍රී සුචරිත වර්ධන දහම් පාසල මේ රටට විශාල ගුණවත් දරු පිරිසක් බිහිකළ ආයතනයකි. වසර දහයක පමණ සිට මෙම දහම් පාසල විහාරස්ථ ස්වාමින් වහන්සේලාගේ පාලනයෙන් ගිලිහී වෙන ම ආයතනයක් වශයෙන් පවත්වාගෙන යනු දුටු අප රතනජෝති ස්වාමින් වහන්සේ දැඩි තීන්දුවක සිට නව කළමණාකරණයක් යටතේ විහාරස්ථානය හා බද්ධ වූ විධිමත් ඵලදායී දහම් පාසලක් බවට පත් කිරීම ස`දහා නොයෙක් අභියෝග මධ්‍යයේ කටයුතු කළ අතර මේ වනවිට සිසුන් දෙදහසකට නො අඩු පිරිසක් ඉගෙනුම ලබන ඉංග‍්‍රීසි සිංහල ද්විභාෂාවෙන් ම අධ්‍යාපනය සිදු කරන ආයතනයක් බවට පත් කිරීමට උන්වහන්සේට හැකි වී තිබේ. 2011 වර්ෂයේ අයි.ඞී. එම්. ආයතන සභාපති බන්ධු රණසිංහ මහතාගේ අනුග‍්‍රහය ඇතිව දරුවන් ස`දහා නොමිලේ පරිගණක පාඨමාලාවන් ඇති කිරීමට ද දහම් පාසලේ ආදි ශිෂ්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ අනුග‍්‍රහයෙන් දහම් පාසල් පුස්තකාලයක් ද ආරම්භ කර මේ දක්වා පවත්වාගෙන එනු ලබන්නේ අප නායක ස්වාමින් වහන්සේගේ අප‍්‍රතිහත ධෛර්යය නිසා ය.

රූප එකතුව