• සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842
  • සිරි ධම්මාරාම මහා විහාරය, නුගේගොඩ
  • +94 11 285 4842

දහම්පාසල් ශාලාව හා කාර්යාලය

දහම්පාසල් ශාලාව හා කාර්යාලය

දහම්පාසලෙහි ඉගෙනුම ලබන ශීෂ්‍ය පිරිසට ප‍්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති බැවින් 1982 එවකට සිටි දහම් පාසල් ගුරු දෙගුරු සමිතියේ එස්.සී. ජයසේන, පී. හේවාවිතාරණ මහත්ම මහත්මීන්ගේ උත්සහයෙන් පරිත්‍යගශීලීන්ගේ සහය මත කුඩා දහම් පාසල් ශාලාවක් ඉදිකරන ලදී. වසර 20 පටන් වන විට එම ශාලාවද ප‍්‍රයෝජනයට ගත නොහැකිව වර්ෂා කාලයට ජලයෙන් යටවීම නිසා විහාරාධිපතීන් වහන්සේගේ ඉල්ලීම මත ලයිසියම් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක මොහාන් ලාල්ගේ‍්‍රරු මන්ත‍්‍රී තුමාගේ සහ ෂගෘගඵ සභාපති බන්දු රණසිංහ මහතාගේ ද සහය ඇතිව ගුවන් පාලමට ඉඩම් පවරා ගැනීම වෙනුවෙන් ලැබුණු වන්දි මුදල් යොදවා නව තෙමහල් දහම් පාසැල් ශාලාව ඉදිකර 2010 ඔක්තෝම්බර් 22 දින අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් අතින් විවෘත කරන ලදී.

තවද 2005 දී දහම් පාසල් සිසුනට අවශ්‍ය සනීපාරක්ෂක, දහම් පාසල් පුස්තකාලයක් සහිත කාර්යාල ගොඩනැගිල්ල විශාල මුදලක් වැය කොට දායක සභාවේ ලේකම් නිපුන රණසිංහ මහතා විසින් ඉදිකර දුන් බව කෘතවේදීව සිහිපත් කරමු.